නිවන් අවබෝධ කර ගැනීමට උපකාර වන්නේ පරම පවිත්‍ර සිරි සද්ධර්මයයි.

බුදු පියාණන් වහන්සේ පරම පවිත්‍ර සිරි සද්ධර්මය දේශනා කර වදාළේ සදාකාලිකව සැප සම්පත් විඳින දෙවියන් බ්‍රහ්මයන් සමූහයක් බිහි කරන්නට හෝ ධනවත්, බලවත්, නැණවත් මිනිසුන් සහිත ලෝකයක් ඇති කරන්නට හෝ නොවේ. දුක් විඳින දිළින්දන්ට සැප සම්පත් ලබාගන්නට මග පෙන්වා ඔවුන් සනසාලන්නට ද නොවේ. මේ උතුම් ධර්මය එවන් මතු ලබන සැප සම්පත් ගැන බලාපොරොත්තු ඇති කරවා රාගයෙන් මෝහයෙන් මිනිසුන් මුලාකරවන්නට දේශනා කළ එකක් නොව මිනිසත් බව ලැබූ මෙම ආත්ම භව දී ම ලබාගත හැකි, ලබාගත යුතු විමුක්තිය, නිදහස, නිවන ලබාදීමට මගපෙන්වීම සඳහාම ඉදිරිපත් කළ දහමකි. ලෞකික සැප සම්පත් යනු බිලී කොක්කක ඇමුණූ ඇමක්, මිරිඟුවක් මිස නියත වශයෙන් ඇති දෙයක් නොවන බව පෙන්වා දුන් දහමකි.

Wednesday, January 1, 2014

සං ගැන තවදුරටත්….

සං කියල කියන්නෙ එකතු කිරීම, අල්ලා ගැනීම, අයිතිකර ගැනීම, ගොඩගහගැනීම.  තවදුරටත් කිව්වොත් රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් කටයුතු කිරීම යි. මේ නිසා සං උදය වෙනවා. ඒ කියන්නෙ සමුදය වීම. උදය කියල කියන්නෙ උපත ලැබීමක්. අපි කවුරුත් දන්නවා සම්මත වශයෙන් හැම දවසක්ම උපදින්නෙ උදයෙන් කියල. ඒ අනුව සමුදය කියන්නෙ සම්බන්ධයක් උපත ලැබීමයි. මෙතනදි සම්බන්ධ වෙන්නෙ රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් නැත්නම් මානයෙන්. එතකොට මේ සම්බන්ධය ඇතිකරගන්නෙ පුද්ගලයෙකුගෙ කාය, වචනය හා මනස මගින්. මේ තුන්දොරින් ඇතිකරගන්නා සම්බන්ධය (සමුදය) නිසා කෙනෙකු සංසාරයට බැඳෙනවා.

සංසාරය

මේ සං තමයි, පෘතග්ජන මිනිසුන්ට සාර. ඒක තමයි “සංසාරයි” කියල කියන්නෙ. “අනේක ජාති සංසාරං” කියන්නෙ ඒකයි. බුදුහාමුදුරුවොත් බෝසත් කාලෙ හිතාගෙන හිටියෙ සං සාරයි කියල. හැබැයි බුදුවුනාට පස්සෙ තේරුණා මේක අසාරයි, නිස්සාරයි, අනාථයි කියල. “අසාරත්ථෙන අනාතං”. මේක තේරුම් ගත්තොත් මේ එකක්වත් උපාදානය කර ගනියි ද?

No comments:

Post a Comment