නිවන් අවබෝධ කර ගැනීමට උපකාර වන්නේ පරම පවිත්‍ර සිරි සද්ධර්මයයි.

බුදු පියාණන් වහන්සේ පරම පවිත්‍ර සිරි සද්ධර්මය දේශනා කර වදාළේ සදාකාලිකව සැප සම්පත් විඳින දෙවියන් බ්‍රහ්මයන් සමූහයක් බිහි කරන්නට හෝ ධනවත්, බලවත්, නැණවත් මිනිසුන් සහිත ලෝකයක් ඇති කරන්නට හෝ නොවේ. දුක් විඳින දිළින්දන්ට සැප සම්පත් ලබාගන්නට මග පෙන්වා ඔවුන් සනසාලන්නට ද නොවේ. මේ උතුම් ධර්මය එවන් මතු ලබන සැප සම්පත් ගැන බලාපොරොත්තු ඇති කරවා රාගයෙන් මෝහයෙන් මිනිසුන් මුලාකරවන්නට දේශනා කළ එකක් නොව මිනිසත් බව ලැබූ මෙම ආත්ම භව දී ම ලබාගත හැකි, ලබාගත යුතු විමුක්තිය, නිදහස, නිවන ලබාදීමට මගපෙන්වීම සඳහාම ඉදිරිපත් කළ දහමකි. ලෞකික සැප සම්පත් යනු බිලී කොක්කක ඇමුණූ ඇමක්, මිරිඟුවක් මිස නියත වශයෙන් ඇති දෙයක් නොවන බව පෙන්වා දුන් දහමකි.

Monday, December 23, 2013

සං

සං යනු බුද්ධ දේශනාවේ වැදගත්ම වචනයයි. මෙය ශුද්ධ මාගධී වචනයකි. සං කියල කියන්නෙ කෙළෙස්වලටයි. ඒ කියන්නෙ රාගය, ද්වේශය, මෝහය. කෙටියෙන්ම කියනව නම් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් සම්බන්ධතාවයක් ඇතිකර ගැනීම තමයි, සං කියල කියන්නෙ. බුදු රජාණන් වහන්සේ උතුම් බුද්ධත්වයට පත්වී පිරිනිවන් පානා තෙක් වසර 45 ක් ම ලෝකයාට දේශනා කළේ සං ගැනයි. එය සංදේශනාවයි. සංගායනාවයි.

සං
දැකගන්නා ආකාරයත් (සං දිටිඨිකෝ) සංවර වීමත් (ශිල) සංසිඳවීමත් (සමාධි) සංමා හෙවත් සම්මා වීමත් (පඥා) කළ යුතු බව, කළ හැකි බව බුදුන් වහන්සේ පුහුදුන් සමාජයට පෙන්වා දුන් සේක. පුද්ගලයෙකු තුළ සං උපත ලබන ආකාරයත් (සමුදය) සං වලින් මිදී නිදහස් විය හැකි ආකාරයත් (සංමා වීම) ත්‍රිපිටකයේත් සියළු සුත්‍ර ධර්ම දේශනාවලත් සං විග්‍රහ කර විවරණය කර විභජනය කර පැහැදිලිව පිරිසිදුව දේශනා කළ සේක.

මෙය මනසක් ඇති මිනිසෙක් වී ඉපදී සිටින ඕනෑම කෙනෙකුට කළ හැකි දෙයකි. කළ නොහැකි දෙයක් බුදුන් වහන්සේ කිසි දිනෙක කිසිවෙකුට ප්‍රකාශ කර නොමැත.

අද සමාජයේ බොහෝ වියතුන් කියනු ලබන්නේ දැන් සංගායනාවක් කිරීමට සුදුසු කාලයක් බවයි. ඒත් සං නොදැක, සං නොදැන සංදේශනාවක් හෝ සංගායනාවක් කිරීමට මේ ලෝකයේ පමණක් නොව මේ සක්වළේ හෝ කිසිම පුද්ගලයෙකුට හැකියාවක් නොමැති බව අප දැනගත යුතුය. 

No comments:

Post a Comment