නිවන් අවබෝධ කර ගැනීමට උපකාර වන්නේ පරම පවිත්‍ර සිරි සද්ධර්මයයි.

බුදු පියාණන් වහන්සේ පරම පවිත්‍ර සිරි සද්ධර්මය දේශනා කර වදාළේ සදාකාලිකව සැප සම්පත් විඳින දෙවියන් බ්‍රහ්මයන් සමූහයක් බිහි කරන්නට හෝ ධනවත්, බලවත්, නැණවත් මිනිසුන් සහිත ලෝකයක් ඇති කරන්නට හෝ නොවේ. දුක් විඳින දිළින්දන්ට සැප සම්පත් ලබාගන්නට මග පෙන්වා ඔවුන් සනසාලන්නට ද නොවේ. මේ උතුම් ධර්මය එවන් මතු ලබන සැප සම්පත් ගැන බලාපොරොත්තු ඇති කරවා රාගයෙන් මෝහයෙන් මිනිසුන් මුලාකරවන්නට දේශනා කළ එකක් නොව මිනිසත් බව ලැබූ මෙම ආත්ම භව දී ම ලබාගත හැකි, ලබාගත යුතු විමුක්තිය, නිදහස, නිවන ලබාදීමට මගපෙන්වීම සඳහාම ඉදිරිපත් කළ දහමකි. ලෞකික සැප සම්පත් යනු බිලී කොක්කක ඇමුණූ ඇමක්, මිරිඟුවක් මිස නියත වශයෙන් ඇති දෙයක් නොවන බව පෙන්වා දුන් දහමකි.

Monday, December 23, 2013

නිබ්බානගාමී මග දෙසන යතිවරයාණෝ

1014337_546741852051077_1888912415_n

නිවන දැනගැනීමට අපමණ මාර්ගයන් තිබෙන වර්තමානයේ නිවන දැකගැනීමට උපකාරීවන මගක් සොයාගැනීමට නොහැකිව සසරේ තව තවත් අතරමංව සැරිසරණ මිනිසුන්ට නිවන් දැකගැනීමට උපකාරී වන්නාවූ  සංදේශනාව, පටිච්ච සමුප්පාද ධර්මය, ද්වතාවය හා තිපරිවට්ටය යන බුද්ධ භාෂිතය පැහැදිලිවත් පිරිසිදුවත් දේශනා කරන බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ කෙනකු වන අතිපූජ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා ඇසුරෙන් ප්‍රකාශිත මෙම බ්ලොගයේ දහම් කරුණු නිවන් පිණිසම උපකාරී වේවා !  සුතමයේ ඥාණයත් පරතෝඝෝෂක ප්‍රත්‍යයත් ලැබීමට සද්ධා විරිය ලැබේවා !  

No comments:

Post a Comment