අලෝකෝ උදපාදි
මෙම බ්ලොග් ශීර්ෂයේ “අලෝකෝ උදපාදි” යන්න මුලින්ම තේරුම් ගනිමු.
මෙය ශුද්ධ මාගධී වචනයකි. එය “ආලෝකෝ” නොව “අලෝකෝ” වේ.
අලෝක තේරුම් ගන්නට කළින් ලෝක යන වචනය තේරුම් ගත යුතුය.
ලෝක යනු අඳුරයි. අපි ඉපදෙමින් මැරෙමින් අනන්ත වූ සංසාරයක ලෝකය
යැයි කියමින් සැරිසරන්නේ අඳුරකයි. ඒ අනුව මේ ලෝක තත්ත්වයෙන්
අලෝක තත්ත්වයට පත්වීය යුතුය. උදපාදි යනු එම තත්ත්වය දැක පහදා
ගැනීමයි. සම්මත ව්‍යවහාරයේ ද ආලෝකය යනු අඳුර නැති යන අර්ථයයි.
සිරි දහම
සිරි යනු අතීතයේ බුදු රජාණන් වහන්සේ හැඳින්වීමට භාවිතා කළ වචනයකි.
සිරි මහ බෝධිය යනු බුදු රජාණන් වහන්සේට උතුම් බුද්ධත්වයට පත්වන්නට
උපකාරී වූ බෝධියයි.
සිරි දළදා යනු බුදුන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේයි.
සිරි සද්ධර්මය යනු බුදු පියාණන් වහන්සේ විසින් දෙව් මිනිසුන්ට නිවන් දැකගැනීමට
උපකාරීවන ආකාරයට දේශනා කරන ලද ධර්මයයි.
තවද සිරි යන වචනය යෙදූ දැනුදු භාවිතයේ පවතින වචන රාශියක් ඇත. සමාජ
භාවිතයේ යහපත් හොඳ යන අර්ථය දැක්වීම සඳහා සිරි යන වචනය යෙදූ පදවැල්
වර්තමාන සිංහල භාෂාවේ දකින්නට ඇත. හෙළ මිනිසුනට නම් තැබීමේදී පවා
සිරිපාල, සිරිසේන, සිරියාවතී ආදී වශයෙන් සිරි භාවිතා කර ඇති බව දැකිය හැකිය.
සිරි ලංකාව (දැන් ශ්‍රී ලංකාව) යනු බුදුන් උපන් රටයි.
ඒ අනුව සිරි දහම අවබෝධ කරගෙන ඔබටත් අලෝකෝ උදපාදි වන්නට
සියළු ශක්තිය ලැබේවා ! ඒ සඳහා මෙම බ්ලොගය තුළින් මා ගන්නා වෙහෙස
යන්තමින් හෝ ඔබට උපකාරයක් වේ යැයි සිතමි. සංසාර රෝගයෙන් සුවපත්
වන්නට ඔබට උතුම් ධර්මාවබෝධය ලැබේවායි ඉත සිතින් අධිට්ඨාන කරමි.
1 comment:
සිරි දහමට දිගු ගමනක් යන්නට ධෛර්යය ශක්තිය නිබඳවම ලැබේවා කියා පතමි..
Post a Comment